ආයුබෝවන්

විෂවෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය

විෂවෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය, කැලණිය, පොල්හේන සර්ප විෂ වෛද්‍ය රෝහල – 1979 දෙසැම්බර් 7 ආරම්භ කරන ලදී.

සර්ප දෂ්ටයන්ට ගොදුරුවූවන් කෙරෙහි ප්‍රතීකාර

සර්ප දෂ්ටයන්ට ගොදුරුවූවන් සඳහා මෙම රෝහල දවසේ පැය 24 පුරාම ක්‍රියාකාරීව සිය සේවාව ඉටු කරයි.

විශේෂිත චිකිත්සා ක්‍රම

නිෂ්පාදිත ඖෂධ වර්ග භාවිතාව ඖෂධ ශාඛ භාවිතාව පාර්ථීව ද්‍රව්‍ය හා ජාන්තව ද්‍රව්‍ය භාවිතාව

0 වසර

ක සේවය

අපේ රෝහල ගැන

1979 දෙසැම්බර් මස 7 වැනි දින ආරම්භ කරන ලද කැලණිය විෂ වෙද රෝහල සර්ප දෂ්ට රෝගීන් වෙනුවෙන් ප්‍රතීකාර කරන දැනට ලංකාවේ ඇති එකම විෂ වෙද රෝහලයි. හෙළ විෂ වෙදකමේ අභිමානය අනාගත පරපුර සඳහා ප්‍රවර්ධනය කිරීමෙහිලා අප කර ඇති සේවාව අති විශාලයි. මේ වන විට මාරාන්තික සර්ප දෂ්ටයන්ට ගොදුරු වූ විශාල පිරිසකගේ ජීවිත බේරාගෙන ඇත. විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ රෝහල් සේවාව ක්‍රියාත්මක වේ.

වෛද්‍ය විද්‍යාලය

මෙම රෝහලට අනුබද්ධිත වෛද්‍ය විද්‍යාලය සිසුන් පුහුණු කරවා රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහිකරනු ලබයි. වෙදකම හදාරන අවදියේ සිටම ප්‍රවීන වෛද්‍යවරුන් යටතේ රෝහල් සේවාවට සම්බන්ධ වී කර්මභයාසය ලබා ගැනීමට ද හැකි වන අයුරින් පාඨමාලා ක්‍රියාත්මක කෙරේ.

පාරම්පරික විෂ වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ වන ඖෂධ ශාඛ පිළිබඳ හඳුන්වාදීම වෙනුවෙන් රෝහල පරිශ්‍රයේ පිහිටි ඔසු උයන මෙන්ම ඊට යාබදව වගාකර ඇති ඔසු උයන ද වෙදකම හදාරන්නන්ට පමණක් නොව රෝගී ජනතාවට ද විපුල ඵල ලබාගත හැකි ව්‍යාපෘතීන් වේ.

වෛද්‍ය විනිතා කල්‍යාණි පතිරාජ

ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමයේ ලේඛකාධිකාරිනි කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධිකාරිණි – විදුහල්පතිනි අයුර්වේද විශාරද පණ්ඩිත, ආයුර්වේද ශිරෝමණි පණ්ඩිත වෛද්‍ය විනිතා කල්‍යාණි පතිරාජ

විෂවෙද රෝහලේ
වෛද්‍ය මණ්ඩලය හා ආචාර්‍ය මණ්ඩලය

වෛද්‍ය විනීතා කල්‍යාණී පතිරාජ මහත්මිය

වෛද්‍ය උදිත අබේසිංහ මහතා

වෛද්‍ය වයි.ඒ. අශෝකා මාලිනී යහම්පත්

වෛද්‍ය ධම්මික ශ්‍රීලාල් සමරසේකර

වෛද්‍ය කේ. කෞශල්‍යා ගංගානී

වෛද්‍ය එම්.අයි.එස්.කේ. මල්වත්ත

අසරණ රෝගීන් වෙනුවෙන් ඔබ දායක වීමට කැමැත්තක් දක්වන්නේනම් ඊට දායක විය හැක ඔබේ දායකත්වය ජීවිතයක් බේරා ගැනීමට බෙහෙවින් උපකාර වේ. 

රෝගීන්ගේ කතා

වෛද්‍ය මණ්ඩලය ක්‍ෂණිකව ක්‍රියාත්මක වුණා. ඔවුන් ගත් උත්සහයෙන් මම බේරුණා.

රෝගියෙක්

වෛද්‍යවරුන්ගේ දැනුම හා අත්දැකීම් තුළ ඇදහිය නොහැකි තරම් ඉක්මණින් මා සුවය ලැබුවා.

තවත් රෝගියෙක්

අප වෙත පිවිසෙන්න

උපදේශන සහ හදිසි අවස්ථා සඳහා අපි විවෘතයි. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට සර්ප දෂ්ට කිරීම් සදහා ප්‍රතිකාර අවශ්‍ය නම්, එය ලබදීමට පසුබට නොවන්න. කාලය තීරණාත්මකයි

අපි ප්‍රතීකාර කිරීමට සූදානමින් සිටිමු.

හදිසි ඇමතුම් අංකය 24/7

+94 112 917 804

ස්ථානය

කැලණිය, පොල්හේන

විවෘත වේලාවන්

පැය 24 පුරා